සංචාරකයින්ගේ පැමිණීම වර් ධනය කර ගැනීමට වැඩපිළිවෙළක්
ලබන වසර වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් ලක්ෂ 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.
ඒ සඳහා රජය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණා.
ඒ නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ශනීය ගමනාන්තයක් යන තේමාව ඔස්සේයි.
රටවටා ගමනාන්තවල දැනට පවතින සංචාරක යටිතල පහසුකම් සහ නවීකරණය කළ යුතු ක්ෂේත්‍ර හදුනා ගැනීම සඳහා සමීක්ෂණයක් සංචාරක නිෂ්පාදන සංවර්ධනය සඳහා වෙනම අංශයක් , අඩු පැමිණීමක් සහිත සංචාරක කාලසීමාවේදී සහ හිඩැස් පිරවීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් , ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම , ආබාධ සහිත සංචාරකයින් ශ්‍රි ලංකාවට ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ඒ තුළින් යෝජනා කර තිබුණා.
මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බවයි දෙමෝදර පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ.