CID යට අලුත් අධ්‍යක්ෂකවරියක්
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරිය ලෙස පත්කර ඇත්තේ, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස්.මුතුමාල මහත්මියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා පත්කර ඇත්තේ, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයට නව අධ්යක්ෂවරයෙක් පත්කර ඇති අතර, එලෙස පත්කර ඇත්තේ, විභාග කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ.ලොකුහෙට්ටි මහතායි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා රාජිණි අමරසේන මහත්මිය විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරිය ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා පත්කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනවිරත්න මහතායි.
නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යු සරත් කුමාර මහතා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා පත්කර තිබේ.
පොලිස් ශිෂ්‍යභට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා පත්කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා ය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා උජිත් ලියනගේ මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ තනතුරේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙ අණ දෙන නිලධාරි ලෙස ස්ථාන මාරුකර තිබේ.
ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.එම්.එන්.ටී. කුමාර මහතා පත්කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී සමරපාල මහතා පත්කර ඇති බවයි.
කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් කුමාර මහතා පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටිය මහතා කන්කසන්තුරේ කොට්ඨාස භාර නිලධාරි ලෙස ස්ථාන මාරුවීම් ලැබ තිබේ.
පොලිස්පති ලේකම් කොට්ඨාසයේ අධ්යක්ෂ තනතුරේ කටයුතු කල කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ.එම්. ආරියසේන මහත්මිය ස්ථාන මාරුකර ඇත්තේ, වෛද්‍ය සේවා කොට්ඨාශයේ අධ්යක්ෂ ලෙසයි.
අම්පාර කොට්ඨාසය භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජී.එස්. ගුණතිලක මහතා පත්කර තිබේ.
කැලණිය කොට්ඨාස භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයී.බී. ක්‍රිෂාන්ත මහතා කැබිතිගොල්ලෑව ස්ථාන භාර නිලධාරි ලෙස ස්ථාන මාරුකර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
විභාග කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.කේ. රූපසිංහ මහතා පත්කර තිබේ.
නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එස්. ජයමහා මහත මාරුකර ඇත්තේ, යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙසයි.
මානව හිමිකම් කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරයට පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.එදිරිමාන්න මහතායි.
කන්තලේ කොට්ඨාසය භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.කේ. විතානගේ මහතා මාරුකර යවා තිබේ.
ඒ, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර තනතුරේ සිටයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.සී. බමුණුආරච්චි මහතා පොලිස්පති පෞද්ගලික සහකාර ලෙස සහ පොලිස් ලේකම් කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ලෙස පත්කර තිබේ.
මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ අධ්යක්ෂ ලෙස පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුණාසිංහ මහතායි.
සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් මහතා පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.ගුණසේකර මහතා පත්කර ඇත්තේ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසයි.
අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කේ. පෙරේරා මහතා පත්කර තිබේ.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ ලෙස පත්කර ඇත්තේ, පොලිස් අධිකාරි එම්.එන්.ජයපත්ම මහතා ය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ ලෙස පොලිස් අධිකාරි උදය කුමාර මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් හතරදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් හත්දෙනෙකු සඳහා ද වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.