සුජීවගේ සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළව අධිකරණයෙන් නියෝගයක්

සුජීවගේ සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළව අධිකරණයෙන් නියෝගයක්

හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ තිබූ බව කියන ප්‍රශ්නගත වාහනයකට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවුවා.

වාහනයේ මුල් අයිතිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගෙන් ලබා ගත් ආදර්ශ අත්සන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා ගත් ලියකියවිලි රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තා කැඳවන ලෙස මෙහිදි නියෝග කෙරුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුවයි.

ජේ ශ්‍රී රංගා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් ඇතැම් පෝරම වල අත්සන් ඔහුගේ නොවන බවට ප්‍රකාශ ලබා දුන් බවත් පොලීසිය පැවසුවා.

COMMENTS