රේගුවෙන් රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව පැවසුවේ, මාධ්‍ය හමුවක් කැදවමින් ය.
ශ්‍රී ලංකා රේගුව මහජනතාවගේ පහසුව වෙනුවෙන් නව යෙදවුම් 2ක් හඳුන්වා දී තිබේ.
එහි අතිරේක අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ආනයන අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථ වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවයි