යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

තද උණ, තදබල මස්පිඬු වේදනාව හා ඇස් රතුවීම, වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මෙහි රෝග ලක්ෂණ වෙනවා.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා යෝග්‍ය බවයි.