සසුනඹර එකලු කළ සෝම හිමි, අපෙන් සමු ගෙන අදට වසර 21

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණසමරුව අදට (12දාට) යෙදී තිබේ.
උන්වහන්සේ අපවත් වූයේ 2003 දෙසැම්බර් 12 වැනිදා රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් නගරයේදීය.
උන්වහන්සේගේ හදිසි අපවත්වීම මෙරට බෞද්ධ සමාජයේ බරපතළ කම්පනයක් ඇති කළ සිද්ධියක් විය.
උන්වහන්සේගේ අපවත්වීම ගැන සොයා බැලීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් විශේෂ කොමිසමක් පත් කරනු ලැබීය.
ජීවත් වූ සෝම හිමියන්ට වඩා අපවත් වූ සෝම හිමියන් ප්‍රබල විය. එනිසාම රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය.
සෝම හිමියන්ගේ ගුණසමරුව නිමිත්තෙන් දිවයිනපුරා පිංකම් රැසක් සංවිධානය කර තිබේ.
සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප‍්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්ය භාරයයි.
සිංහල භික්ෂුන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක‍්‍රියා කරමින් භික්ෂු ජීවිතය ගත කළ බවත් රටවැසියාගේ දියුණුවට බාධා වන කරුණුවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බවත් 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශයේ සඳහන් වේ.
වර්ෂ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී උන්වහන්සේ අපවත් වූ අතර එම මරණය පිළිබඳ නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් එකල සමාජය පුරා පැතිර ගියේය.
රුසියාවේ දී හදිසියේ ඇතිවූ හෘධයාබාදයක් හේතුවෙන් උන් වහන්සේ අපවත් වන විට එරට ආයතනයක් මගින් උන්වහන්සේට පිරි නැමීමට සූදානම් කර තිබුණු උපාධියක් ලබා ගැනීමට උන් වහන්සේ රුසියාවට වැඩම කර තිබුණි.
දේවවාදය හා මූලධර්මවාදය විවේචනය කරමින් සමාජය තුළ නව කතිකාවක් නිර්මාණය කළ සෝම හිමියන් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසුව වඩාත්ම ජනප්‍රසාදයක් දිනාගත් ධර්ම දේශකයානෝ බවට පත්ව සිටියේය.
අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.
”ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහි වූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.”
(දෙසැම්බර් 12 අදට යෙදුනු සෝම හිමි 21 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)
අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් අභිවෘධිය උදෙසා නැගු අවසන් සිංහ නාදය.


