ජනපති යළි දිවයිනට
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.
ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස එක්වූ අමාත්‍ය විජිත හේරත් , නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ද යළි දිවයිනට පැමිණියා.
පසුගිය 15 වනදා ජනාධිපතිවරයා ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ එරට මහා පරිමාණ ව්යසාකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා රැසකට ද සහභාගී වූ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයට ද අත්සන් තැබුණා.