පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී වී චානක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදීයි චානක මහතාව එම තනතුර සඳහා තෝරාගෙන තිබෙන්නේ .
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට නව ග්රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබෙනවා .