කුරුඳු අපනයනයෙන් වසරකට ඇ.ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම්
කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට කුරුඳු අපනයනයෙන් ශ්‍රී ලංකාව වසරකට උපයා ගන්නේ ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක්.
එය දෙගුණයක් කිරීමට පියවර රැසක් ගෙන ඇති බවයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජානක ලින්දර මහතා සඳහන් කළේ.
දැනට එය ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ අමුද්‍රව්‍යයක් ලෙසයි.
එය නිමි නිෂ්පාදන වශයෙන් අගය එකතු කරමින් අපනයනය වැඩි කිරීමට සුළු හා මාධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයන්ට ආධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
දැනට සම්ප්රධායිකව කුරුඳු වගා කරන්නේ ගාල්ල / මාතර සහ හම්බන්තොට ප්රදේශවලයි.
ඊට අමතරව අනුරාධපුරය / පුත්තලම සහ මහවැලි කලාපවල එය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ලබන වසරේ ජනවාරි මාසයේ සිට චීනයට කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිව ඇති බවත් ජානක ලින්දර මහතා පවසනවා.