තවත් ගුවන් අනතුරක්

තවත් ගුවන් අනතුරක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Ras al-Khaimah එමිරේට් වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එහි නියමුවා සහ සහායක නියමුවා ජීවිතක්ෂයට පත් වූ බව, සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

ගුවන්යානය ගුවන්ගත කර සුළු මොහොතකින් එය කඩා වැටී තිබුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.