බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට මාස 3ක් කල් දෙයි
බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (8) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව හෙතෙම පවසයි.