පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
තහනම් පිරමීඩාකාර යෝජනා ක්රම පවත්වාගෙන ගිය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව තහනම් යෝජනා ක්රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මෙම ආයතන ප්රකාශයට පත්කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ආයතන විසි එකක (21) නාමලේඛනයෙන් විස්සක (20) නම් මහ බැංකුව නිවේදනය කළා.
එක් ආයතනයක නම අධිකරණ ක්රියාමාර්ගයක් හේතුවෙන් ප්රසිද්ධියට පත් නොකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
එම ආයතන නාමලේඛනය පහත දැක්වේ,