එවරස්ට් කඳු නගින්නන්ගේ බලපත්‍ර ගාස්තුව ඉහළට

එවරස්ට් කඳු නගින්නන්ගේ බලපත්‍ර ගාස්තුව ඉහළට

එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙනවා.

දශකයකට ආසන්න කාලයක් තුළ එවරස්ට් කඳු නගින්නන් සඳහා වන ගාස්තු විශාල මුදලකින් ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙයයි.

ලොව උසම කඳු මුදුනට යාමේ අපේක්ෂාවෙන් නේපාලයට සංචාරකයන් රැසක් පැමිණෙනවා.

ඒ අනුව සැප්තැම්බ් මාසයේ සිට ලොව උසම කඳු මුදුනට අපේක්ෂා කරන අයට ඇමෙරිකා ඩොලර් 15,000 ක් ගෙවීමට සිදු වනු ඇති.

එය 36% ක වැඩිවීමක් බවයි නේපාල බලධාරීන් පවසන්නේ.

සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ඩොලර් 7500 ක් ද , දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඩොලර් 3750 ක් ද ගෙවීමට සිදු වනවා.

කඳු නගින්නන්ගෙන් ලැබෙන ආදායම නේපාලයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වනවා.

https://bitlyv.com/EjYJO

COMMENTS