මහින්දගේ නිල නිවසේ අලුත්වැඩියා වියදම රුපියල් ලක්ෂ 383ක් – ඇමති නලින්ද

මහින්දගේ නිල නිවසේ අලුත්වැඩියා වියදම රුපියල් ලක්ෂ 383ක් – ඇමති නලින්ද

හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාසවල තක්සේරු වටිනාකම සහ මාසික කුලිය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති පසුබිමකයි.

කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ නිල නිවාසවල තක්සේරු වටිනාකම පිළිබඳවද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

එහිදී අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවත්වූ කොළඹ 05 ප්‍රදේශයේ නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 2598.5ක් වන අතර එහි මාසික කුලිය රුපියල් 1,275,00ක්

කෙසේවෙතත් මේ වන විට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවසින් ඉවත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 , විජේරාම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 3358.4ක් බවත් එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.

COMMENTS