නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට

නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට

නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව පළමු අදියරේ දීයි ඔවුන් නිදහස් කිරීමට නියමිතව තිබුණේ.

නිදහස් කිරීමට නියමිතව සිටින පුද්ගලයින්ගේ දත්ත තමන් හට ලැබුණු බවත් ඒ අතරින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ.

තම බුද්ධි අංශ වාර්තා සමග හමාස් සංවිධානයේ වාර්තා ගැලපෙන බව ද ඔහු කියා සිටිනවා.

කෙසේ වුව ද ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් 8 දෙනාගේ නම් මෙහිදි හෙළිකර නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.

සටන් විරාම ගිවිසුම යටතේ මේ වන විට හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 7 දෙනෙකු හා ඊශ්‍රායලයේ සිර භාරයේ පසුවූ පලස්තීන වැසියන් 290 දෙනෙකුට වැඩි පිරිසක් නිදහස් කිරීමට පියවර ගැනුණා.

https://surl.li/zormcq

COMMENTS