බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් මරුට
ත්රිකුණාමලය – හඹරණ මාර්ගයේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙක් වෑන් රථයේ රියදුරු බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.