පූර් ව ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර් ව ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර් ව ළමාවිය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ප්‍රබල අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, එය මධ්‍යම රජයට මෙන්ම පළාත් රජයන්ටත් එක ලෙස අදාළ වන බවයි.

ඊට අදාළ යෝජනාවලියට නීතිමය රාමුවක් යටතේ අනුමැතිය ලබාගත යුතු බව ද, අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ය.

ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් කමිටුවක් පත් කරන්නැයි ද, අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

COMMENTS