ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා.
ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද වෙනස් විය හැකි බවයි .
මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදු කෙරුණා.
එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.