ෂෙයික් හසිනාගේ නිවසට විරෝධකරුවන් ගිනි තබයි
බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙනවා.
පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් මගින් ෂෙයික් හසිනා බංග්ලාදේශ අගමැති ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා.
ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටිනවා.
එහි සිට සමාජ මාධ්‍ය හරහා බංග්ලාදේශ ජනතාව අමතන බවට පළ වූ පුවතක් හේතුවෙනුයි ඇයගේ නිවසට ගිනි තබා ඇත්තේ.
බංග්ලාදේශය වසර 20ක් පාලනය කළ ෂෙයික් හසිනා මේ වන විට 77 වන වියෙහි පසුවනවා.
පසුගියදා ෂෙයික් හසිනාගේ පියා මෙන්ම බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවස ද කඩා බිඳ දමා තිබුණා.