අරගලයෙන් දේපළ හානි වූ බව පවසා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි ලැයිස්තුව එළියට
පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ස්වාභාවික ආපදාවකින් සිදුවූ පූර්ණ හානියක් සඳහා ශ්‍රී ලංකාවේ ලබාගත හැකි උපරිම වන්දිය ද රුපියල් ලක්ෂ 25 ක් පමණක් වන බවයි.
එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් 43 දෙනා වෙනුවෙන් රුපියල් කෝටි 122 කට අධික මුදලක් වන්දි ලෙස ලබා දී ඇති බවද ඔහු පවසා සිටියා.
අදාළ නාම ලේඛනය පහතින්.