ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු වී තිබේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් අද (11) සිදු විය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළේය.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇත.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබේ.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

COMMENTS