නොරොච්චෝලේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර, එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමිව ගියා.