රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර් ථිකයකට අයවැයෙන් මූලික පියවර තැබුවා

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණයහේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම්කිසි පරිවාසයකට යටත්ව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ,කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති”පශ්චාත් අයවැය කතිකාවත 2025″ (POST BUDGET FORUM 2025) සංවාදයට එක්වෙමින්.
ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගිකර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියා.
බංකොලොත්භාවයට පත්වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගතවේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා ප්‍රකාශ කළා.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකයගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කරගැනීමටත් මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අතර ඉන් පුරවැසියාට ප්රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කර සිටියා
ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කර ගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
කර්මාන්තයට සහාය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම තුළින් පාරිභෝගිකයාටසහන සැලසීම රජයේ ඉලක්කය බවද කියා සිටියා.
ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැගීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇති බවද එමගින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒක රේඛීය අධ්‍යාපනය වෙනුවට බහු රේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබාදීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එම නිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වනවා.
දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත්කර තිබෙන බවත්,අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත්මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද මෙවර අයවැය මගින් අවධානය යොමු කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය දිරිගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතරඅනුරාධපුරය, යාපහුව, යාපනය වැනි නගර ප්‍රවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.
රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ මහත්වරු ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.