වන අලි අනතුරු අවම කර ගැනීමට ක්ෂණික විසඳුම් කිහිපයක්

වන අලි අනතුරු අවම කර ගැනීමට ක්ෂණික විසඳුම් කිහිපයක්

වන අලි අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස වඩාත් හොදින් පෙනෙන ලෙස එළිපෙහෙලි කිරීම ඇතුලු තීරණ රැසක් ගැනීමට වන අලි අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව ක්‍රියාකළා.

ගල්ඔය හිගුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසලදී දුම්රියේ ගැටී වන අලීන් 6 දෙනෙකු මිය ගියා.

මෙවැනි අනතුරු අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට අදාළ සියලු අංශ නියෝජනය වන ලෙස පත්කළ කමිටුව මගින් ක්ෂණික විසඳුම් ලබාදුන්නා.

ප්‍රවාහන, පරිසර , ඩිජිටල් යන අමාත්‍යාංශ , දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතනවල ඉහළ පෙලේ නිලධාරීන් මෙම විශේෂ කමිටුවට ඇතුලත් වනවා.

විවිධ පරිසර හා වනජීවින් සුරකින සංවිධාන ද ඊට ඇතුලත්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ මෙම විශේෂ කමිටුව දුම්රියේ ගැටී වන අලීන් 6 දෙනෙකු මිය යාම පාදක කර ගනිමින් ගැටලුවට විසඳුම් සෙවීම පිළිබඳ සාකච්ඡා කළා.

ඒ අනුව ගැටලු විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුවම සහභාගි කරවා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දුම්රියවල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන්ම දෙපසට ද විහිදෙන ලෙස සවි කිරීම හා කහ පැහැති ආලෝකය වෙනුවට සුදු පැහැති ආලෝක භාවිත කිරීම පිළිබඳව අවධානය යොමුවුණා.

මෙම විශේෂ කමිටුවේ දෙවන අදියර හෙට පැවැත්වෙනවා.

එදින උදෑසන මුලින් දැක්වූ පාර්ශව වලට අයත් පිරිස් අනතුර සිදුවූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමට නියමිතයි.

විශේෂ කමිටුවේ සාකච්ඡාවට අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුලු පිරිසක් සහභාගී වුණා.

COMMENTS