මීගමුවේදී සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් අනු නවයෙන් මග හැරෙයි

මීගමුවේදී සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් අනු නවයෙන් මග හැරෙයි

මීගමුව ප්‍රදේශයේදී අද (21) දහවල් සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබෙනවා .

වෙළෙඳසැලක හිමිකරුවෙක් ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදුකිරීමට තැත් කර ඇත්තේ.

ඉලක්කය වී ඇත්තේ චමින්ද හෙවත් මිරිස් ඇන්තනී නැමැත්තාගේ වැඩිමහල් පුත්‍රයායි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළා ගොස් තිබෙනවා.

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS