එළවළු රැසකම මිල පහළට

පසුගිය දිනවල අධික ලෙස එළවළු මිල ඉහළ ගිය ද මේ වන විට එහි යම් පාලනයක් දක්නට ලැබෙනවා.
ඒ අනුව එළවළු රැසකම මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි අප කළ විමසීමකදී තහවුරු වුණේ.
කොළඹ කොටුවේ අද දිනයේ තක්කාලි කිලෝ ග්‍රෑම් එකක් අලෙවි වන්නේ රුපියල් 200කටයි.
අල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 200කටත් , බී ලුණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150කටත් අලෙවි වනවා.
වට්ටක්කා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 180කටත් , දෙහි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 240කටත් අලෙවි වන බවයි එහි කළ විමසීමකදී තහවුරු වුණේ.
කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ද පසුගිය දිනවල එළවළු මිල අධික ලෙස ඉහළ ගියා.
එහෙත් මේ වන විට එම මිල ගණන් පහත බැස තිබෙනවා.
අස්වනු ක්‍රමයෙන් වෙළෙඳපොළට ඒමත් සමග මෙසේ මිල අඩුවන බවයි ගොවීන් හා වෙළදුන් කියා සිටින්නේ.
මේ අතර සහල් තොග සඟවා ගෙන සිටි සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී හඳුනා ගැණුනා.
පාරිභෝගික අධිකාරිය අධික මුදලකට සහල් අලෙවි කරන ස්ථාන වැටලීම සිදුකරනවා.
ඒ අනුවයි ගල්කිස්ස ප්‍රදේශයේ ද වැටලීම සිදුකෙරුණේ.