උද්ධමනය පහළට

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබෙනවා .
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බවයි .
එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණා .
2025 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසයි .
එමෙන්ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තා වෙනවා .