අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි

අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුමේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවය.
ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
මෙම තත්ත්වය තුළ ඛණිජ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.