මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ රහීම් එක්දින තරග 274 ක් ක්‍රීඩා කර තිබෙන අතර, බංගලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ද වනවා.

එක්දින පිටියේදී ඔහු ශතක 09 ක් සමග ලකුණු 7,795 ක් රැස් කරගෙන ඇති අතර, කඩුලු රකින්නෙකු ලෙස උඩ පන්දු 243 ක් හා ස්ටම්ප් කිරීම් 56 ක්ද ලබා ගෙන තිබෙනවා.

COMMENTS