යාපනය හා තමිල්නාඩු ගමනට ඉන්ඩිගෝ ගුවන් සමාගම එක්වෙයි

යාපනය හා තමිල්නාඩු ගමනට ඉන්ඩිගෝ ගුවන් සමාගම එක්වෙයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා .

මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ .

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර තිබෙනවා .

ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ .

COMMENTS