සත්ත්ව සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්

සත්ත්ව සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්

බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂි කර් ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

සත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව 011- 2034336 දුරකථන අංකයෙන් විමසීමක් සිදු කිරීමට ඊයේ (11) දින සිට 15 දින දක්වා මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

මාර්තු මස 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම සංගණනයට අදාල පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව කෘෂි කර් ම අමාත්‍යංශය පවසනවා.

වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී ප්‍රකාශිත කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

COMMENTS