දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි

දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි

අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය.

ඊට අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 27 වැනිදා පැවැත් වූ අතර එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කෙසේ වෙතත් මේ වනතෙක් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

COMMENTS