මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලේ දී

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (21) ප්‍රකාශ කළා
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී උන්වන්සේ මෙම අදහස් පළකළා
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතව තිබෙනවා .
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා