අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.
දුඹුරු සීනි, රතු පරිප්පු, ටින් මාලු, ආනයනික නාඩු සහල්, පාන් පිටි, රතු කැකුළු සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.


