පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සමාගමකට වැඩ වරදී

බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා.
රුපියල් 70 කට මිල සදහන් කර තිබු පානිය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවිකිරිම සම්න්ධයෙන් වරද පිළිගත් වරාය නගරයේ පුද්ගලික සමාගමකට මෙම දඩ මුදල නියම කර තිබෙනවා .
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් එම වෙළදසැල පරික්ෂාවට ලක් කළා.
එහිදි වැඩි මිලට ජල බෝතලය අලෙවි කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

