ආනයනික අර්තාපල් සඳහා බදු පනවයි

දේශීය අර්තාපල් වෙළඳපලට පැමිණීමත් සමග ආනයනික අර්තාපල් සඳහා බදු පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ දේශීය ගොවි ජනතාව ආරක්ෂා කරගැනිමේ අරමුණින්.
ආනයනික අර්තාපල් සඳහා ඉතිහාසයේ ඉහළම බද්ද මේ වනවිට පනවා ඇති බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ.
මේ අතර ඌව පරණගම ප්‍රදේශයේ ගම්මිරිස් අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
පෙර වර්ෂ වලට වඩා මෙවර ගම්මිරිස් අස්වැන්න ඉහළගොස් ඇති බවයි වගාකරුවන් පෙන්වා දෙන්නේ.
රත්කිඳ / මස්පන්න / බඹරපාන / යාලගමුව / පොදුමිල්ල යන ප්‍රදේශ වල ගම්මිරිස් වගාව වැඩි වශයෙන් සිදු කෙරෙනවා.
ගම්මිරිස් කිලෝවක් මේ වනවිට රුපියල් දෙදහසකට ආසන්න මිලකට අලෙවි වන අතර වගාව දිරි ගැන්විම සඳහා වැඩපිළිවෙලක් සකස් කළයුතු බවයි ගම්මිරිස් වගාකරුවන් පෙන්වා දෙන්නේ.

