දමිතාගේ සහ සැමියාගේ හඬපට රස පරීක්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

දමිතාගේ සහ සැමියාගේ හඬපට රස පරීක්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට වන චෝදනාවට අදාළව රංගන ශිල්පිනි දමිතා අබේරත්න, ඇගේ සැමියා සහ පැමිණිලිකරුගේ හඬපට හා දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත යොමුකරන ලෙස නියෝග කෙරුණා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ සහ පැමිණිලිකරුගේ හඬපට හා දුරකතන සංවාද හඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.

දමිතා අබේරත්න මහත්මියගේ විදේශ ගමන් තහනම මුළුමනින්ම ඉවත් කෙරුණා.

COMMENTS