ඉල්ලුම සපුරාලීමට ලුණු තොග ප්‍රමාණවත් – ලංකා ලුණු සමාගමය

ඉල්ලුම සපුරාලීමට ලුණු තොග ප්‍රමාණවත් – ලංකා ලුණු සමාගමය

ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය පවසනවා.

ඊට හේතුව දේශීය නිෂ්පාදනය මේ වන විට ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, වර්තමාන මහ කන්නයේදී මේ වන විටත් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ අස්වැන්න නෙළාගෙන ඇති බව සහ වැසි සමයෙන් පසුව තවත් තොග අපේක්ෂා කරන බවයි.

“අනාගත ඉල්ලුමක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් අතිරේක තොගද අප සතුව ගබඩා කර තිබෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS