හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ට්‍රම්ප් පවසයි

එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමග ධවල මන්දිරයේ පැවති හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඔවුන් නිරායුධ නොවන්නේ නම්, අපි ඔවුන් නිරායුධ කරන්නෙමු ලෙසින්.
එය ඉක්මනින් සහ සමහරවිට ප්‍රචණ්ඩකාරී ලෙස සිදුවනු ඇති බව ට්‍රම්ප් පවසා තිබෙනවා.
ට්‍රම්ප් මැදිහත් වී සම්මුතිගත කර ගත් සටන් විරාම ගිවිසුම යටතේ පෙරේදා හමාස් සංවිධානය ගාසා තීරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ අතර, ඊශ්‍රායලය ද පලස්තීන සිරකරුවන් පිරිසක් නැවත නිවෙස් වෙත පිටත් කර හැරියා.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය සිය ආයුධ බිම තැබීමට මෙතෙක් එකඟ වී නැහැ.

