ඔක්තෝබරයේ සංචාරකයින්ගේ පැමිණීම 150,000 පනී

ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 44,741ක් පැමිණ ඇති අතර එය 29.2% කි.
තවද, එක්සත් රාජධානියෙන් 12,128ක්, රුසියාවෙන් 10,450ක්, චීනයෙන් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් 7,226ක් ද ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 29 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,878,557කි.
ඒ අතරින් සංචාරකයින් 420,033ක් ඉන්දියාවෙන්, 132,594ක් රුසියාවෙන් සහ 174,021ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

