රජරට ආචාර් ය වරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

රජරට ආචාර් ය වරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර ඇති බව වාර්තා වෙයි.

විරජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පවසන්නේ, විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවුලෙන් වියවුලට පත්කර ඇති බවය.

එයට විරෝධය පා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසයි.

වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීවරිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව එම සංගමය පවසයි.

මෙම අත්තනෝමතික සහ අනීතික පරිපාලන ක්‍රියාවලිය ඇතුළු පසුගිය මාස කීපය තුළ සිදුවුන විවිධ දේශපාලන අතපෙවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෝදනා කරයි.

COMMENTS