චිත්‍රපට සංස්ථාවට නව පනතක්

චිත්‍රපට සංස්ථාවට නව පනතක්

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර, එම කාල සීමාව තුළ සිනමා කර්මාන්තයට අදාළ තාක්ෂණය වෙනස්වීම මෙන්ම, සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන් හිද විශාල වෙනස්කම් සිදුව තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථා පනත මගින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපායමාර්ගික දිශානතියක් ඇති කිරීමේ අරමුණින් සහ, සිනමා නියාමනය හා සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය යන කාර්යයන් සිදු කළ හැකි වන පරිදි, ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලයේ ව්‍යුහය හා කාර්යභාරය සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කර තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර, ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

COMMENTS