2026 අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

2026 අයවැය දෙවැනිවර කියැවිමේ ඡන්ද විමසීම අද (14) පස්වරුවේ පැවැත්වේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු 6 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවය.
පසුගිය 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
එතැන් සිට දින 6 ක් අයැවැය දෙවැනි වර කියවීමේ විවාදය වෙනුවෙන් වෙන් වුණි.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ආරම්භ වේ.
එය දෙසැම්බර් මස පස්වැනිදා දක්වා දින 17 ක් පැවැත්වෙනු ඇත.
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

