නැගෙනහිර මුස්ලිම් පාසල්වලට අද සිට නිවාඩු

නැගෙනහිර මුස්ලිම් පාසල්වලට අද සිට නිවාඩු

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට අද (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතුවයි.

සුළි කුණාටු අවදානමක්ද පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණයය එළඹි බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.

කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම පාසල් යළි විවෘත කිරීමට නියමිතයි.

උසස්පෙළ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථානවලට මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නැහැ.

විභාග කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවනවා.

COMMENTS