උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන GIT විභාගය අද

උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන GIT විභාගය අද

උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය(GIT) අද(11) දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය විභාග මධ්‍යස්ථාන 1665 කදී සිසුන් එක් ලක්ෂ අනූඅටදහස් තුන්සිය තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

මේ අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 10 හෙට (12) දින ආරම්භ වනවා.

ඒ විභාග මධ්‍යස්ථාන 2086කදීයි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාගය ලබන 20වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

COMMENTS