මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර් වල වෙයි

මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර් වල වෙයි

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ඉවත් කරනු ලබන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශා වලින් හමා එයි.

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වනවා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.