සාමාන්‍ය පෙළ විභාග කාලසටහන සහ ප්‍රවේශ පත්‍ර සංශෝධන පිළිබඳ විශේෂ නිවේදනයක්

අ.පො.ස.(සා.පෙළ) – 2025(2026) විභාගය පෙබරවාරි (17) වැනිදා සිට (26) දින තෙක් විභාග මධ්‍යස්ථාන 3545 කදී පැවැත්වෙනවා.
මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබා දී තිබෙනවා.
ඒ අනුව සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්යක්ෂගෙන් ප්‍රවේශ පත්‍ර භාර ගත යුතු අතරපෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් තිබේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය (User name & Password) උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය කර ගත යුතු බවයි සඳහන්.
පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍රවල සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධන සිදුකර ගත යුතුයි.
සංශෝධන සිදු කිරීම පෙබරවාරි 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කෙරෙන අතර සංශෝධන දිනය නැවත දීර්ඝ කරනු නොලබන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් තිබේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැකියි.
ක්ෂණික ඇමතුම් අංකය
: 1911
දුරකථන අංක
: 0112784208, 0112784537
ෆැක්ස් අංකය
: 0112784422
විද්‍යුත් තැපෑල
:gc*********@***il.com

