පොඩි ලැසි ගාල්ල දිසා අධිකරණයට

පොඩි ලැසි ගාල්ල දිසා අධිකරණයට

දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරු ජනිත් මදුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ අද ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දීමට නියමිතව තිබේ.

ඔහුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු සඳහා සැකකරු ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුඩ්ලර් සඳහන් කළේ ය.

සැකකරු දිවයිනට රැගෙන ආවේ ඉන්දියාවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

‘පොඩි ලැසී’ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකි.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තුවක් තිබියදී වසරක කාලයක් අධිකරණය මගහැර සිටියේ ය.

‘පොඩි ලැසී’ ඉන්දියාවේ බුම්බායි නුවරදී අත්අඩංගුවට පත් වුණේ 2025 ජනවාරි 16 වැනිදාය.

ඔහු මෙරටට භාර දෙන ලෙස පොලිස්පතිවරයා ඉන්දියාවෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබීය.

COMMENTS