2026 වසරේ පළමු වාරයේ තෙවන අදියර අදින් ඇරඹෙයි

රජයේ සියලුම පාසල්වල 2026 වසරේ පළමු වාරයේ තෙවන අදියර අද (03) ආරම්භ වේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ පාසල් සඳහා අප්‍රේල් මස 10 වැනි සිකුරාදා සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අවුරුදු නිවාඩුවෙන් අනතුරුව යළිත් පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 20 වැනි සඳුදා දිනයේදී බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

