2026 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා සටන අද

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා .
අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ .
මෙම තරගය සඳහා ඉන්දියාව සහ නව නවසීලන්තය සුදුසුකම් ලබා තිබෙනවා .
පන්දුවාර විස්ස20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ඔවුන් ශූරතාවය හිමිකර ගත්තා .
2014 වසරේදී ඉන්දියාව අනුශූරතාවය හිමිකර ගත් අතර එම වසරේ ශූරතාවය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි .
නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී පමණක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔවුන් අනුශූරයෙන් බවට පත්වුණේ ඕස්ට්‍රේලියාව ශූරයින් බවට පත් කරමිනි.

